Online Mark Book App
Online Mark Book APP
පහළ ඇති විස්තරය කියවලම ඉන්න
ඉදිරියේදී වන සියලු යාවත්කාලීන කිරීම් මේ වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්
මම දැනට හ/ හුංගම විජයබා ජාතික පාසලේ සේවය කරන ICT ගුරුවරයෙක්. නම රවින්ද්‍ර රණසිංහ.පාසල් වල වාර විභාග ප්‍රතිඵල ඇතුළත් කළ හැකි ඇප් එකක් මම නිර්මානය කළා.ගුරුවරුන්ට දරුවන්ගේ ලකුණු මෙම ඇප් එකටම ඇතුළත් කළ හැකියි.විදුහල්පතිතුමාට ඒ්වා සියල්ල පරීක්ෂා කළ හැකියි. දරුවන්ට තම තමාගේ ප්‍රතිඵල වෙන වෙනම බලාගන්න පුළුවන්.
පාසලට සියලු තොරතුරු මුද්‍රණය කර තබා ගන්නත් පුළුවන් සරලව ලකුණු පොත ස්වංක්‍රීයව නිර්මාණය වෙනවා. විවිධ කලාප වලින් පළාත් කාර්යාල වලින් එවන විශ්ලේෂණ වාර්ථා වලට (Excel Sheet) මේ ඇප් ඒක හරහා ලබා ගන්නා දත්ත ටික කොපි කරන්නත් පුළුවන්.
Android මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතනයක
මෙය භාවිත කළ යුතුය
ඇප් එකේ නවතම සංස්කරණය ලබාගන්න
2023/05/14
10.45 ට යාවත්කාලීන කළා
ඇප් එක ගන්න
👇👇👇
මේ ඇප් එකට ගුරුවරුන්ට ලකුණු ඇතුළත් කිරීමට Sheet App එකත් අවශ්‍ය වෙනවා ලකුණු වෙනස් කරන්න පිවිසි විට ඒවා වෙනස් කිරීමට නොහැකි නම් පහතින් Sheet App බාගත කරගන්නා ලෙස පණිවිඩයක් දක්නට ලැබෙයි.එවිට Play Store හරහා ඇප් එක අරගන්න.(මෙය ලකුණු ඇතුළත් කරන ගුරුවරුන්ට පමණයි) අවශ්‍ය නම් සියලු ගුරුවරුන්ට ලකුණු වෙනස් කළ හැකි පරිදි මෙන්ම අවශ්‍ය ගුරුවරුන්ට පමණක් ලකුණු වෙනස් කිරීමට හැකි පරිදි සකස් කළ හැකියි.
👇👇👇
ෆෝන් එකට ඇප් එක Install කරගන්න.සමහර විට මෙම ඇප් එක වයිරසයක් යැයි ඔබට පෙන්වනු ඇත.ඒ ඇප් එක Play Store හරහා නොලැබෙන නිසා.මෙම මැසේජ් වලට බිය විය යුතු නැත.
ඇතැම් විට
තව විස්තර දැනගන්න 0717700725 ට මට කතා කරන්න